How to send free 'MMS' to Sri Lanka



[Read More...]


DUMINDAGAMANAYA - දුමින්දාගමනය



දුමින්දාගමනය හෙවත් ශී‍්‍ර මහා බෝධි ශාඛාව ලංකාවට වැඩම කරවීම

ශී‍්‍ර මහා බෝධි ශාඛාව දඹදිව බුද්ධගයාවේ සිට ලංකාවට වැඩම කරවන ලද්දේ මීට වසර 2312 කට පෙර දිනයක දීය.එදා දඹදිව (ජම්බුද්වීපය) කි‍්‍රස්තු පූර්ව හයවන සියවසේදී සිද්ධාර්ථ තාපසයාණන්ට බුදුවීමට සෙවණ දුන් බෝධින් වහන්සේ ඉන්පසුව ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ යන නාමයෙන් ප‍්‍රකට වූයේය. මෙකල ඉන්දියාවේ බුද්ධගයාවේ එම ශී‍්‍ර මහා බෝධීන්වහන්සේ පිහිටා තිබුණි. එම බෝධිය නමින් හඳුන්වනු ලබන වෘක්‍ෂයේ සංස්කෘත භාෂාවෙන් ව්‍යවහාර කරන නාමය “අශ්වත්ථ” යන්නය. එය ඇසටු හෝ ඇහැටු යන නමින් ද හැඳින්වේ. ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ අයත් වෘක්‍ෂයට ව්‍යවහාර කරන උද්භිද නාමය වන්නේ පිකුස් රෙලිජියෝසා (FICUS RELIGIOSA)යන්නයි.
 බුදුරජාණන් වහන්සේ විසින්ම බුද්ධත්වයෙන් දෙවැනි සතියේදී ශී‍්‍ර මහා බෝධින් වහන්සේ දෙස අනිමිස ලෝචන පූජාවෙන් බලා සිටි අන්දම බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වී ඇත. එයින් කියැවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ කළගුණ සැළකීමේ මහඟු ආදර්ශයකි.ශී‍්‍ර මහා බෝධීන්වහන්සේ සහ ඒ පිළිබඳ විස්තර අඩංගු වී ඇති පැරණි පොත් රැසකි. දීපවංස ටීකාව, පූජාවලිය, පාලි බෝධිවංශය, සිංහල බෝධිවංශය, ධර්ම ප‍්‍ර‍්‍රදීපිකාව හා චූලබෝධිවංශය එයින් කීපයකි. ශී‍්‍ර මහා බෝධින්වහන්සේ භාරතයේ බුද්ධගයාවේ සිට ශී‍්‍ර ලංකාවට වැඩම කරවීම පිළිබඳව ගල්වලින් කරන ලද කැටයමක් ඉන්දියාවේ සාංචි තොරණේ ඇත.
ශී‍්‍ර මහා බෝධි ශාඛාව ලංකාවට වැඩම කරවීමමිහිඳු මහරහතන්වහන්සේ ලංකාවට වැඩම කළේ ද, මීට අවුරුදු 2312 කට ඉහත දීය. ඊට මාස පහකට පමණ සිදුවූ දුමින්දාගමනය හෙවත් ශී‍්‍ර මහා බෝධි ශාඛාව ලංකාවට වැඩම කරවූ ආකාරය ද ඉතාමත් සිත්ගන්නා කතාවකි. අනුලා දේවිය ද මහණවීමට කැමැති බව දන්වා සිටි නිසා ඒ සඳහා දඹදිව සිටින සිය නැගණිය වන සංඝමිත්තා ථෙරණිය ලංකාවට වැඩමවීම පිණිස අසෝක රජතුමාට දන්වන ලෙස මිහිඳු මහ රහතන්වහන්සේ දෙවනපෑතිස්ස රජතුමාට වදාළේය. ඒ සමගම බුද්ධගයාවේ ජය ශී‍්‍ර මහා බෝධියෙන්් ශාඛාවක් ද රැගෙන එන ලෙස අසෝක රජතුමාට දැන්වීම පිණිස දේවනම්පියතිස්ස රජතුමා විසින්් දූත පිරිසක් දඹදිවට යවන ලදී. අරිට්ඨ කුමරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මීට පෙර මෙන්ම දඹකොළ පටුනෙන් නැවට නැග පාටලීපුත්ත නගරයට මේ පිරිස පැමිණියහ. දඹකොළ පටුන පිහිටා ඇත්තේ යාපනය අර්ධද්වීපයේය. එය පැරණි වරායකි. මෙකල සෙම්බිලිතුරේ යනුවෙන් ද එම ස්ථානය හඳුන්වනු ලැබේ. ජම්බුකෝල පට්ඨන යනුවෙන් ද ග‍්‍රන්ථවල සඳහන් වන්නේ එම වරායයි.ලංකාවෙන් ගිය අරිට්ඨ කුමරු ඇතුළු පිරිස විසින් දෙවනපෑතිස්ස රජුගේ පණිවිඩය අසෝක රජතුමාට දෙන ලදී.
අසෝක රජුගේ දියණියක වූ සංඝමිත්තා මෙහෙණිය එතරම් දුර බැහැරක යැවීමට අසෝක රජතුමා කැමති නොවූ නමුත් බුදුදහම ප‍්‍රචාරය සඳහා ඒ ඉල්ලීම ඉටු කිරීමට කැමති විය. බුද්ධගයාවේ ශී‍්‍ර මහා බෝධියෙන් ශාඛාවක් ලබාගැනීම සඳහා ද කටයුතු අසෝක රජතුමා විසින් සළස්වන ලදී. අසෝක රජතුමා ඒ සඳහා බුද්ධගයාවට පැමිණියේය. ශී‍්‍ර මහා බෝධියෙන් එහිි දකුණු ශාඛාව වෙන්කර ගැනීම, එය කටාරමක (ලොකු පාත‍්‍රයක) පිහිටුවා අගනුවරටත් (පාටලීපුත්ත නගරයට) එතැන් සිට මුහුදු තොටටත් ගෙන ඒම උත්සවාකාරයෙන්ම සිදු කරන ලද බැව් වංසකතාවල සඳහන් වෙයි. 
(ඉහතින් සඳහන් කළ සාංචි තොරණේ ද ශී‍්‍ර මහා බෝධි ශාඛාව වෙන් කර ගැනීම අසෝක රජතුමා එම ස්ථානයට පැමිණීම ආදිය කැටයම් කර ඇත.) ශී‍්‍ර මහා බෝධීන්වහන්සේට ආවතේව කිරීම පිණිස විවිධ ශිල්ප ශ්‍රේණිවලට අයත් ශිල්පීන් ද ඒ සමඟ එවන ලදී. මේ අති උතුම් පූජනීය වස්තුව වූ ශී‍්‍ර මහා බොධි ශාඛාව රැකගැනීම භාරගත් සංඝමිත්තා මහ තෙරණියෝ ද තවත් භික්‍ෂූන් වහන්සේලා ද ලංකාවෙන් ගිය දූත පිරිසෙ නායක අරිට්ඨ කුමරු ඇතුළු පිරිස ද තාම්රලිප්ති නමැති ඉන්දියාවේ නැව් තොටෙන්නැව් නැග ලංකාවට පැමිණීමට පිටත් වූහ. මේ පිළිබඳ මහාවංසයේ විස්තර කර ඇත.
ශී‍්‍ර මහා බෝධි ශාඛාව ලංකාවට වැඩම කරගෙන සංඝමිත්තා ථෙරණිය සහ එම පිරිස නැව් මගින් දඹකොළ පටුනට පැමිණෙන බව දැනගත් මිහිඳු මහ රහතන්වහන්සේ සහ දෙවනපෑතිස්ස රජුගේ රාජ පිරිවර සහ ජනතාව දඹකොලපටුනට ගොස් සිටියහ.ශී‍්‍ර මහා බෝධි ශාඛාව රැගත් නැව ඈත මුහුදේ එනු දුටු දේවානම්පියතිස්ස රජතුමා කරවටක් මුහුදට බැස ශී‍්‍ර මහා බෝධි ශාඛාව සහිත වූ එම පාත‍්‍රය හිස මත තබාගෙන ගොඩබිමට පැමිණියේය. දඹකොළ පටුනේ (යාපනය දිස්ති‍්‍රක්කයේ පිහිටි) සාදන ලද විශේෂ මණ්ඩපයක ශී‍්‍ර මහා බෝධි ශාඛාව වඩා හිඳුවන ලද්දේ දේවානම්පියතිස්ස රජතුමා විසිනි. දවස් තුනක් පුරා එම දඹකොළ පටුනේ් තිබූ ශී‍්‍ර මහා බෝධි ශාඛාවට පුද පූජා පවත්වන ලදී.
ඒ අවස්ථාවේදී දොරටු පාලයා ලෙස කටයුතු කළේ දේවානම්පියතිස්ස රජතුමාය. ශී‍්‍ර මහා බොධීන් වහන්සේ දඹකොළ පටුනේ සිට අනුරාධපුරයේ මහමෙවුනා උයන දක්වා වැඩම කරවන මහා මාර්ගය සුදු වැලි අතුරා සකස් කරවන ලදී.ඒ අතරතුර නිවක්ක නමැති බමුණු ගමේ ද මෙම ශී‍්‍ර මහා බෝධීන්වහන්සේ ගේ ශාඛාවට පූජා පැවැත්වීමේ අවස්ථාවක් සිදුවී ඇත.මෙසේ අනුරාධපුරයට වැඩම කරවන ලද ශී‍්‍ර මහා බොධීන්වහන්සේ රාජ්‍ය උත්සවයක් පවත්වා අද දක්නට ඇති අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපණය කරන ලද්දේ සංඝමිත්තා මෙහෙණිය මිහිඳු මහ රහතන්වහන්සේ සහ දෙවනපෑතිස්ස රජතුමා ද නිවක්ක බමුණා ද රෝහණ දේශයේ ක්‍ෂති‍්‍රය කුමාරවරුන් දෙදෙනෙකු කාජරගාම (කතරගම) හා චන්දනගාම (සඳුන්ගම) ද තවත් විශාල ජනකායක් ඉදිරිපිට දීය. මේ අනුව අසුවල් දිනයේ අසුවල් වෘක්‍ෂය රෝපණය කළේ යැයි ලිඛිත ඉතිහාසයක් ඇති ලොව එකම වෘක්‍ෂ රාජයාණන් වන්නේ අනුරාධපුරයේ ශී‍්‍ර මහා බෝධීන්වහන්සේය. එහි මුල් ශී‍්‍ර මහා බෝධිය අද බුද්ධගයාවේද දක්නට නැත.
සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ බෝ සමිඳු වැඩමවාගෙන පැමිණි නෞකාව දඹකොළ පටුනට ළගා වූ අවස්ථාවේදී දේවානම්පියතිස්ස මහ රජතුමා - තමන්ගේ ගෙල තෙක් මුහුදු ජලයට බැස - බෝධි ශාඛාවපිළිගත් අයුරු.
ජය සිරි මහ බෝ සමිඳු සිරිලකට වැඩම කිරීම
සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේගේ ශාරීරික ධාතු නිදන් කර තනන ලද ස්තූපය.

දුමින්දාගමනය = දුමිඳු යනු බෝධියට තවත් නමකි.
පැමිණීම = ආගමනය
දුමිඳු පැමිණීම = දුමින්දාගමනය

( meya elakiri.com eken upata gatthaki :  hemalsilva )
[Read More...]


විවාහය ගැන කරුණු දහයක්....



Commandment 1

Marriages are made in heaven. But so are thunder and lightning.



Commandment 2

If you want your wife to listen and pay strict attention to every word you say; talk in your sleep.



Commandment 3

Marriage is grand — and divorce is at least 100 grand!


Commandment 4

Married life is very frustrating. In the first year of marriage, the man speaks and the woman listens. In the second year, the woman speaks and the man listens. In the third year, they both speak and the neighbors listen.



Commandment 5

When a man opens the door of his car for his wife, you can be sure of one thing: Either the car is new or the wife is.



Commandment 6

Marriage is when a man and woman become as one. The trouble starts when they try to decide which one.



Commandment 7

Before marriage, a man will lie awake all night thinking about something you say. After marriage, he will fall asleep before you finish.


Commandment 8

Every man wants a wife who is beautiful, understanding, economical, and a good cook. But the law allows only one wife.



Commandment 9

Marriage and love are purely matter of chemistry. That is why wives treat husbands like toxic waste.



Commandment 10

A man is incomplete until he is married. After that, he is finished
New Window
[Read More...]


විනාඩි දහයේ E-mail එක...



අපේ යාලුවො ගොඩක් දෙනෙක් internet එකේ රවුම් ගහ ගහ ඉන්නැද්දි එක එක සයිට් වලට Register වෙනවනෙ... සමහර සයිට් වලට යන්නත් Register වෙන්න ඕනෙ... මේ වගේ Register වෙන්න තියන තැන් වල ගොඩක්ම අපිට ඕනෙ වෙන දෙයක් තමයි E-mail Address එක. ඒ සයිට් වල register උනහම එයාලගෙ Confirmation Email එක එවන්න අපි E-mail එකක් ලබා දෙන්න ඕනෙ. මේ වගේ වෙලාවට් අපි අපේ හැමදේකටම තියන E-mail එක ගහල Register වෙනව.

මේක සමහර වෙලාවට වදයක් වෙනව. ඒකට විසඳුමක් මං අද ඔයාලට ගෙනාව. මේකෙන් වෙන්නෙ අපිට විනාඩි දහයකට E-mail Account එකක් හදා ගන්න පුළුවන්. විනාඩි දහයකින් පස්සෙ ඒ Email Account එක Cancel වෙනව. හදිසියේ සයිට් එකක Register වෙන්න ඕනෙ නම් මේකෙන් පට ගාලා email එකක් හදන් Register වෙන්නයි තියෙන්නෙ.... මේ විනාඩි දහය ඕනෙ නම් අපිට වැඩි කරගන්නත් පුළුවන්...
[Read More...]


Tempalias තාවකාලික ඉ-මේල් එකවුන්ට් සාදා දෙන 'ටෙම්පෙලියස්'



තමන්ට ඕනෑ වේලාවක නැති වී යන ඉ-මේල් ගිනුමක් මේම වෙබ් අඩවියෙන් සාදා ගැනිමට පුලුවන. විවිධ ඔන්ලයින් සේවා සදහා ඉ-මේල් ලිපින ඉල්ලන විට තමන්ගේ සැබෑ ලිපින වෙනුවට මෙම විකල්ප ලිපිනය භාවිතා කරන්නට පුලුවන.පිවිසෙන්න
[Read More...]


ඔන්ලයින් File Convert කරමු...



සුද්ද සින්හලෙන් කියනවානම්, අපිට ඩොක් ෆොර්මැට් එකෙන් තියෙන ෆ්යිල් එකක් හරි.... එච්.ට්.ම්.ල් (HTML) ෆොර්මැට් එකෙන් තියෙන ෆයිල් එකක් හෝ ඔනැම ෆ්යිල් ෆොර්මැට් එකක් පීඩීෆ් ෆොර්මැට් කරගන්න පුලුවන් ඔන්ලයින් සේවයක් තමයි කොමේට්ඩොක් කියන්නේ... පිවිසෙන්න

Cometdocs has a network of online file converters and network of web sites in order to transform pdf to html, word to pdf, pdf to powepoint ... dozens of combinations for those who work often with PDF files.
[Read More...]


Simplebooklet - Easily Create Interactive Presentations



Simplebooklet is a simple service that lets you create interactive presentations, in which, for each of your pages, you can add content from simple text to integrated throughhtml from other websites, through videos and Web sites can combine different types of content on one page, adapting different elements.
[Read More...]


CCleaner 'ක්ලීන් කොම්පියුටර්



පරිගණකයේ වැඩ කරමින් සිටින විට එක් එක් මදුකාoගවල ක්‍රියාකාරිත්වයට අවශය විශේෂ තාවකාලික ෆයිල්ස් සැකසේ. මේවා අතරින් බොහොමයක්ම නැවතත් ඉබේම මැකි යයි. එහෙත් එසේ නොමැකෙන ෆයිල්ස්ද තිබේ. මේවා නිසා පරිගණකයේ රැම් මතකය අඩු වේ. එ නිසා පරිගණකය මන්දගාමි වන බව දැනේ.

සාමානයයෙන් වින්ඩොස් මෙහෙයුම් පද්ධතියෙදි මෙවැනි තාවකාලික ෆයිල්ස් හෙවත් ටෙම්පරරි ෆයිල්ස් ඉවත් කරන්නේ ඩිස්ක් ක්ලීනප් යුටිලිට්ය මගිනි. එහෙත් ඊටත් වඩා හොදින් ටෙම්පරරි ෆයිල්ස් ඉවත් කල හැකි විශේෂ මදුකාoග තිබේ. පිරිෆෝම් සික්ලිනර් යනු එවැනි ඕපන් සෝස් මදුකoගයකි.මෙය පිවිසෙන්න වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැකිය.
[Read More...]


මා මළ දවසට....




ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතනක සිටියත් මා මළ දවසට
මගෙ ලඟ තනියට ඉනු මැනවි...
මගෙ ලඟ තනියට ඉනු මැනවි...

ඔබ සිත මා සිත හමුවූ දා සිට
මා ලය පීදී පරවු පෙම් මල
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ලඟ තනියට ඉනු මැනවී...
මගෙ ලඟ තනියට ඉනු මැනවි...

කඳුල සුසුම නොහෙලා අපි
මිරිඟු සයුර වෙත පියමං කල හැටි
සිතින් දරාගෙන මා මළ දවසට

මගෙ ලඟ තනියට ඉනු මැනවී...
මගෙ ලඟ තනියට ඉනු මැනවි...


හඩ: කරුණාරත්න දිවුල්ගනේ
පද: සුනිල් ආර්. ගමගේ
නද: ගුණදාස කපුගේ
[Read More...]


සිංහල Desk Calendar Extende



මේක මම කලින් හදපු Sinhala Desk Calendar 2011 කියන ප්‍රෝග්‍රෑම් එකේම Extended version එකක්. 
කලින් ත්‍රෙඩ් එක බලපු නැති අයට මෙතනින් ගිහින් බලන්න පුලුවන්. 

පලවෙනි ත්‍රෙඩ් එකට කමෙන්ට් කරපු, අලුත් අදහස් දුන්න, ඩවුන්ලෝඩ් කරගත්ත හැමෝටම ස්තුතියි. 


කලින් ව'ෂන් එකට වඩා මේක අලුත් අංග ටිකක් එකතු කරල වැඩි දියුණු කරල තියනවා. 
සම්පූර්ණ 2011 වසර පුරාවට තියන නිවාඩු හැම එකක්ම අන්තර්ගත වෙලා තියනවා මේකට පෙර ව'ෂන් එක වගේම. 
ඒ ඒ නිවාඩුව දර්ශණය වෙන ආකාරය පහලින් විස්තර කරල තියනවා.


1. සාමාන්‍ය සතියේ දිනයක්
2. බැංකු නිවාඩු දිනයක්
3. රජයේ හා බැංකු නිවාඩු දිනයක්
4. රජයේ බැංකු හා වෙළඳ නිවාඩු දිනයක්
5. පෝය නිවාඩු දිනයක්

6 වෙනි රූපයේ තියන notification area මෙනු එකේ තියන 'Always On Top' කියන option එක click කරල අවශ්‍ය නම් කැලැන්ඩර් එක 'Always on top' කර ගන්න පුලුවන්.

About Dialog box එකේ තියන Preferences කියන tab එකේ preview එක 7 වෙනි රූපයේ පෙන්නුම් කරනවා.
Preferences වල තියන ඒ ඒ options තමාගෙ කැමැත්ත අනුව වෙනස් කර ගන්න පුලුවන්.

8 වෙනි රූපයේ රතු පාටින් පෙන්නල තියන area එක ඇතුලත mouse එක click කරන ගමන් Calendar එක කැමති තැනකට ඩ්‍රැග් කරන් යන්න පුලුවන්.

මේ ව'ෂන් එකට මම setup file එකක් release කරේ නෑ installation issues නැති කරන්න.
පහල ලින්ක් එකේ තියන zip file එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකේ තියන "Calendar.exe" කියන file එක තමන්ට කැමති තැනක තියලා run කරන්න පුලුවන්.
අවශ්‍ය නම් ඩෙස්ක්ටොප් එකට shortcut එකක් දාගන්න පුලුවන්.

ප්‍රෝග්‍රෑම් එකේ features සරලව විස්තර කරන්න මම උත්සහ කරා. Use කරද්දි ගැටලු ආවොත් කියන්න.

හොදයි කියල හිතෙනවනම් ඩවුන්ලෝඩ් කරල use කරල බලන්න.
තවත් එකතු වෙන්න ඕනි කියල හිතෙන දේවල් තියනවනම් කියන්න. කමෙන්ට් එකක් දාල යනවනම් හොදයි හොද නරක කියල. 
මම ටෙස්ට් කරේ Windows XP වල විතරයි. Vista/7 වල ප්‍රශ්ණ ආවොත් කියන්න.
ප්‍රෝග්‍රෑම් එකේ bugs තියනවනම් අනිවා කියන්න.



[Read More...]


ලංකාවේ shoot කල bollywood movie එක Ready



Banner
T-Series
Rawail Grandsons Entertainment and Software Pvt Ltd

Status
Completed

Release Date
June 3, 2011

Language
Hindi

Genre

Comedy

Shooting Locations (City & Country)
Sri Lanka

Shooting Studios
Filmcity

Producer

Rajat Rawail
Bhushan Kumar
Nitin Manmohan
Kishan Kumar
Sohail Khan

Director
Anees Bazmee

Star Cast

Salman Khan
Asin
Arya Babbar
Paresh Rawal
Mahesh Manjrekar
Akhilendra Mishra
Puneet Issar
Manoj Joshi
Sudesh Lehri
Arbaaz Khan...... Special Appearance
Zarine Khan...... Special Appearance
Ajay Devgn...... Special Appearance
Sanjay Dutt...... Special Appearance
Kangna Ranaut...... Special Appearance
Manoj Pahwa

Music Director
Pritam Chakraborty

Choreography
Raju Khan

Action
Vijayan Master
 


විඩියෝ එක Out උනු ගමන්ම මම Download කරලා බලන්න torrent file එක දෙන්නම්කෝ :D

[Read More...]


ජංගම දුරකථන වලට සිංහල යුනිකොඩ් දමන අයුරු



මම හිතනවා මම අද කියලා දෙන්න යන දේ හැමොටම වගේ වැදගත් වෙයි කියලා වැදගත් නැත්නමි bump එකක් වත් දලා යන්න. එහෛනමි මෙන්න මෙ විදිහට පටන් ගන්නමි..


මාහට තිබුනු ලොකු ගැටලුවක් තමා මගේ ජංගම දුරකතනය තුලින් සිංහල යුනිකෙත සහිත වෙබ් පිටු නැරඹීම.නමුත් ඒ පිලිබද සොයා යන විට මා හට එය විසදා ගැනීමට හැකි උනා.

මගේ ජංගම දුරකතනය නොකියා 5800 වර්ගයේ එකකි.එහි මෙහෙයුම් පද්ධතිය සිම්බියන් ය.



අපි බලමු පියවරෙන් පියවර එය සිදු කරන ආකාරය. 

1) පළමුව අප සුදුසු සිංහල යුනිකෙත සහිත ෆොන්ටයක් තෝරා ගත යුතුය. ඒ සදහා මම iskpota.ttf යන ෆොන්ටය තෝරා ගනිමි.එය ඉංග්‍රිසි සදහාද සහය දක්වයි.එසේ නොමැතිනම් ඉංග්‍රිසි අකුරු නොපෙනී යනු ඇත.ඔබට පහත යොමුවෙන් iskpota.ttf ෆොන්ටය බාගත කර ගත හැක

දෙවන පියවරට යෑමට පෙර කිව යුතු දෙයක් ඇත.ඔබගේ දුරකථය සදහා බාහිර මතක චිපයක් පවතීනම් පමනක් ෆොන්ටය ස්ථාපය කිරීම සිදු කරන්න.එසේ නොමැතිව අභ්‍යන්තර මතකය තුලට උවද ස්ථාපනය සිදු කල හැක, නමුත් ඔබ අභ්‍යන්තර මතකය තුලට ස්ථාපනය සිදු කර යම් හෙයකින් ඔබට පෙර පැවති ෆොන්ටය ලබා ගැනීමට සිදු උවහොත් ඔබට මතක චිපය පූර්ණ ලෙස ෆොර්මැට් කිරීමට සිදුවේවි.එබැවින් බාහිර මතකයට ස්ථාපනය සුදුසු වෙයි. 

2) ෆොන්ටය ලබා ගැනීමෙන් පසුව දුරකතනය පරිඝනකය හා සම්බන්ද කරන්න.එවිට දුරකතනයේ පෙන්වන යන විකල්පය තෝරා ගන්න.

3) ඉන් පසු බාහිර මතක චිපය තුල resource නමින් ෆොල්ඩරයක් සාදන්න. පසුව එම ෆෝඩරය තුල Fonts නමින් ද තව ෆෝල්ඩරයක් සාදන්න. දැන් ඔබට ෆොල්ඩරයත් එතුල ෆොල්ඩරයත් ලැබී ඇත.

4) බාගත කර ගත් ෆොන්ටයේ පිටපත් 4ක් ලබා ගන්න.එම පිට පත් පහත පරිදි නිවැරදිව ප්‍රති-නාමකරනය කර ගන්න.

(i) s60snr.ttf

(ii) s60ssb.ttf

(iii) s60tsb.ttf

(iv)S60ZDIGI.ttf



ඔබට ෆොන්ටයේ ඉහත නම් වලින් පිටපත් සතරක් දැන් ඇත. එම පිටපත් සියල්ලම සාදා ගත් Fonts ෆොල්ඩරය තුලට පිටපත් කරන්න. සියල්ල අවසන දුරකතනය ප්‍රති පණ ගන්වන්න.

ෆොන්ටය දැමීමෙන් පසුව මගේ බ්ලොගය තුල ඇති සිංහල අකුරු මෙසේ දර්ශනය වේ.ඉතා හොද පරිවර්තනයක් නැතත් කිවවිය හැක. 

UIQ3 දුරකථන සදහා පහත පරිදි ෆොන්ටය ප්‍රති-නාමකරනය කරන්න

(i)Sans-Serif_Latin-Regular.ttf

(ii)Sans-Serif_Latin-Bold.ttf

(iii)Sans-Serif_Latin-Italic.ttf

(iv)Sans-Serif_Latin-BoldItalic.ttf

N73 දුරකථන සදහා පහත පරිදි ෆොන්ටය ප්‍රති-නාමකරනය කරන්න

NOSNR60.ttf

NSSB60.ttf

NSTSB60.ttf

නොකියා N900 සදහා මෙය පහත පරිදි කල හැක.



නොකියා N900 ලිනක්ස් පාදක කොට ගත් මීමො නම් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වෙයි. පහත පියවරින් ඔබට iskpota.ttf ෆොන්ටය ඇතුල් කර ගත හැකිය.



1) ප්‍රධාන ෆොල්ඩරය තුල ඔබට .fonts කිය ෆොල්ඩරයක් සාදා ගත යුතුය. එයට iskpota.ttf ෆොන්ටය පිටපත් කල හැක.

ඒ සදහා පහත ලිනක්ස් කේත අනුගමනය කරන්න. (සෑදු ෆොල්ඩරයේ නම “IskolePotha” ලෙස ගනිමු )

mkdir ~/.fonts

2) එම ෆොල්ඩරයට ෆොන්ටය පිටපත් කරන්න.

3) ටර්මිනලය විවෘත කරන්න. (Ctrl+Shift+X )

4) පහත කේතය යතුරු ලියනය කරන්න

mv ~/IskolePotha/iskpota.ttf ~/.fonts/

5) ප්‍රති පන ගන්වන්න



ඇපල් මාදිලියේ දුරකථන සදහා

අපි බලමු ඇපල් මාදිලියේ දුරකථන සදහා යුනිකෙත දමන අයුරු .නමුත් කිව යුතුයි මෙය කිරීම මගින් සමාගම හා ඇති බැදීම නැතිවෙවි.ඒ පිලිබද දෙවරක් සිතන්න.මෙයටද ෆොන්ටය ලෙස iskpota.ttf ගත යුතුය

මෙයට අමතරව ඔබට WinSCP යන මෘදුකාංගය අවශ්‍ය වේ. (ඇපල් පරිඝනක සදහා FUGU භාවිත කල හැක)

එම යෙදව්ම් මෙතනින් ලබා ගන්න



WinSCP > මෙතනින් ලබා ගන්න
FUGU > මෙතනින් ලබා ගන්න



එසෙම දුරකතන්යේ Cydia පැකෙජය හා එයට Erica යුටිලිටිය ස්තාපනය කර තිබ්ය යුතුය.

එම යෙදව්ම් නොමැතිනම් මෙතනින් ලබා ගන්න

Cydia > මෙතනින් ලබා ගන්න

Erica > මෙතනින් ලබා ගන්න

1)පළමුව WinSCP ( Fugu ) මගින් දුරකතනය Wi-Fi හරහා සම්බන්ද කරන්න.

2) iskpota.ttf ෆොන්ටය/System/Library/Fonts/Cache/ ට පිටපත් කරන්න. මෙහිදී නිවැරදි ගොනුව තෝරා ගැනීමට සැලකිලි මත් වන්න.

3) “SSH” හෝ “Mobile Terminal” ය තුල පහත විධානය දුවවන්න.

(SSH හා Mobile Terminal gගැන දැන ගැනීමට එම වචන මත ටික්ගැම (click) කරන්න )

plutil -c xml1 /System/Library/Fonts/CGFontCache.plist

4) ඔබට “vi” විධානය හෝ WinSCP (File > Edit or F4) යන මග , “CGFontCache.plist” සංස්කරනය සදහා භාවිත කල හැක.

vi /System/Library/Fonts/CGFontCache.plist



5) යාවත්කාලීන කිරීම සදහා පහත ක්‍රම දෙකෙන් එකක් තෝරා ගත හැක.

පළමු ක්‍රමය : නමින්

<key> Iskoolapota</key>

<string>/System/Library/Fonts/Cache/ iskpota.ttf<;/string>

දෙවන ක්‍රමය : TraitMappings ක්‍රමයෙන්

<key>Iskoolapota</key>

<dict>

<key>Plain</key>

<string>iskpota.ttf </string>

<key>Bold</key>

<string>iskpota.ttf </string>

<key>Italic</key>

<string>iskpota.ttf </string>

<key>Bold-Italic</key>

<string>iskpota.ttf </string>

</dict>

6) සියල්ල නිවැරදිව කිරීමෙන් පසුව දුරකථනය ප්‍රති-පන ගන්වන්න.

යන්න DroidSansFallback.ttf ලෙසට ප්‍රති නම් කර ගන්න

Android මාදිලියේ දුරකථන සදහා 

1 ) ඉස්කොලේ පොත ෆොන්ට බාගත කර ගන්න

2 ) එය ඔබේ මතක පතට දමන්න

3) iskpota.ttf යන්න DroidSansFallback.ttf ලෙසට ප්‍රති නම් කර ගන්න

4 ) පසුව ටර්මිනලය විවෘත කර ගන්න. එහි පහ කෙතය නිවැරදිව යතුරු ලියනය කරන්න

su (superuser තිරය ලැබෙන තෙක් රැදී සිටින්න. පසුව yes යන්න තොරා ගන්න )

mount -o rw,remount -t yaffs2 /dev/block/mtdblock3 /system

chmod 4755 /system/fonts/DroidSansFallback.ttf

dd if=/sdcard/DroidSansFallback.ttf of=/system/fonts/DroidSansFallback.ttf

5) සියල්ල නිවැරදිව කිරීමෙන් පසුව දුරකථනය ප්‍රති-පන ගන්වන්න.

Windows Mobile මෙහෙයුම් පද්ධතිය සදහා පහත ක්‍රමය අනුගමනය කරන්න.

1) fonTaya windows\fonts weta piTapat karanna.
2) පහත යොමුවෙන් PHM Registry Editor යන ටූලය බාගත කර ගන්න

http://www.freewareppc.com/utilities...ryeditor.shtml

3) ලැබෙන “cab” ගොනුව දුරකථනයත පිටපත් කර එය ස්ථාපනය කරන්න

4) PHM registry editor ටූලය ධාවනය කරන්න. පසුව පහත පියවර ප්‍රවේසමින් අනුගමනය කරන්න

(i) HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\ වෙත යන්න

(ii) Microsoft යන්න තෝරා edit > New Key යන්න තෝරා ගන්න.

(iii) පසුව FontLink යන අලුත් යතුර එකතු කරන්න.

(iv) එයට පසුව “SystemLink” යන අලුත් යතුර ද එකතු කරන්න.

සියල්ල අවසන පහත පරිදි විය යුතුය

HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\FontLink\Sys temLink

(v) “SystemLink” යන යතුරට පහත”string” අකාරයේ අගයන් ආදේශ කරන්න.

Value name – Tahoma
Value data – \Windows\Fonts\iskpota.ttf,Iskpota Unicode

(vi) HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\ වෙත යන්න

(vii) Microsoft මත “FontPath” නමින් අලුත් යතුර එකතු කරන්න.
(viii) “FontPath” යන යතුරට පහත “string” අකාරයේ අගයන් ආදේශ කරන්න.

Value name – FontPath
Value data – \Windows\Fonts

4) සියල්ල නිවැරදිව කිරීමෙන් පසුව දුරකථනය ප්‍රති-පන ගන්වන්න.

සැලකිය යුතුයි : ඉහත ක්‍රියාවන්හි වගකීම සිදු කරන්න සතුය. සෑම විටම උපස්ථ ( back -up) ලබා ගන්න.

නොකියා N900 ලිනක්ස් පාදක කොට ගත් මීමො නම් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වෙයි. පහත පියවරින් ඔබට iskpota.ttf ෆොන්ටය ඇතුල් කර ගත හැකිය.
1) ප්‍රධාන ෆොල්ඩරය තුල ඔබට .fonts කිය ෆොල්ඩරයක් සාදා ගත යුතුය. එයට iskpota.ttf ෆොන්ටය පිටපත් කල හැක.
ඒ සදහා පහත ලිනක්ස් කේත අනුගමනය කරන්න. (සෑදු ෆොල්ඩරයේ නම “IskolePotha” ලෙස ගනිමු )

mkdir ~/.fonts

2) එම ෆොල්ඩරයට ෆොන්ටය පිටපත් කරන්න.

3) ටර්මිනලය විවෘත කරන්න. (Ctrl+Shift+X )

4) පහත කේතය යතුරු ලියනය කරන්න
mv ~/IskolePotha/iskpota.ttf ~/.fonts/

5) ප්‍රති පන ගන්වන්න.

සැලකිය යුතුයි : ඉහත ක්‍රියාවන්හි වගකීම සිදු කරන්න සතුය. සෑම විටම උපස්ථ ( back -up) ලබා ගන්න.


[Read More...]


::: Suzuki showcased new Swift Sport :::



Suzuki showcased its new Swift S-Concept at the Geneva Motor show. The S-Concept is said to be a close preview of the “Sport” version of the new Swift on sale in European markets and soon coming to India. Styling wise, it gets blistered wheel archesa prominent roof spoiler and ‘intakes’ at the rear of redesigned side skirts. The S-Concept sits lower and wider than the standard car, the Concept S-features aggressive looking front and rear bumpers and 18-inch wheels to give it a more sporty approach to the car.
The interior features exclusive trim with carbon fiber accents and sport seats by Recaro.
The S-Concept features a six speed manual gearbox, power is expected to come from an upgraded version of the previous Sport’s 1.6-litre engine, while chassis tweaks will also make for a more dynamic drive.


[Read More...]


Implants-තවත් dental faculty Yarn එකක්



මේකත් Dental Faculty එකේ වෙච්ච සිදුවීමක් ලු! 


ජපානෙන් හම්බ වෙච්ච පේරාදෙණියේ අළුත් dental faculty hospital එකට dental implants තොගයකුත් ලැබුණා. (Dental implants කියන්නේ හණුක අස්ථියට Titanium roll plug එකක් බස්සලා ඒකට දත සවි කරන අළුත් technology වැඩකට.) දැන් කට්ටිය බලන් ඉන්නවා නමෝ විත්තියෙන් implant කරන්න. ඔන්න ඉදලා,ඉදලා patient කෙනෙක් set වුණාලු වැඩේට. හාදයා අවුරුදු 34ක් විතර වෙන, බැදපු කෙනෙක්. හැබැයි කටේ එක දතක්වත් නැහැලු!! (දන්නෙ නැද්ද ඉතින් බැන්දැයින් පස්සේ වෙන දේවල්!)මේ විෂය පථය සම්බන්ධ විශේෂඥ වෛද්යහතුමා මේ පිළිබදව රෝගියා ට විස්තර කරන්න එතුමා ම ඉදිරිපත්වුනා. එතුමා ද්‍රවිඩ ජාතිකයෙක්. විශිෂ්ඨ ඇදුරුපාන කෙනෙක්!!දැන් අපේ ඇදුරුතුමා රෝගියාට කරන්න යන ප්ර තිකාරය විස්තර කරනවලු!
ඇදුරුතුමා-ඔයා ගේ කටට දත් ඇන්දෙක් දාන්න බේ! දත් නෙතුව උගක්කල් ඉටපු නිශා කටුව දියවෙලා තීන්නේ. ඒ නිශා එපි ඔයා ගේ කෙට ඇරලා,ඇට කොපලා, ඇටේට දත් එන්ද ෂයි කරනවා!! යේක ඔන්දයි!!

patient- සර්, එළියේ wife ඉන්නවා. මං wife ගෙන් අහල එන්න ද කමක් නැද්ද කියලා!!

ඇදුරුතුමා- wife ගෙන් ආන්න දෙයක් නේ. අපි ඔයා ගේ ඇටේට ම දත් ඇන්ද ෂයි කරනවා. පය වේන්න එපා. හෙලවෙන්නේ නෙති වේන්ඩ, ගලවාන්ඩ බෙරිවේන්න තමයි ෂයි කෙරනවා.

ලෙඩා dental chair එකෙන් බැහැල දුන්නලු හුරේ run එකක්!!!!
[Read More...]


Recent Comments

free counters

Popular Posts

Return to top of page Copyright © 2011 | Platinum Theme Converted into Blogger Template by Hack Tutors