Bit torrent ප්‍රොටෝකෝලය || About Bit torrent ( Part 1 )



චිත්‍රපට, සම්පූර්ණ මෘදුකාංග සහ රූපවාහිනී වැඩසටහන් වැනි අති දැවැන්ත ෆයිල්ස් ඉක්මනින් ඩවුන්ලෝඩ් කරන්නට තිබෙන හොඳම ක්‍රමය බිට්ටොරන්ට්ය.එනම් ඒවා .torrent යන ෆයිල් එක්ස්ටෙන්ෂන් එක ඇති බවය. බිට්ටොරන්ට් මගින් විශාල ෆයිල්, අඩු වේග ඉන්ටනෙට් සබඳතාවක් හරහා වැඩි වේගයකින් ඩවුන්ලෝඩ් වෙන්නේ කෙසේද? එම තේරුම් ගැනීම පටන් ගත යුත්තේ සාමාන්‍ය ඩවුන්ලෝඩ් කිරීම ගැන අවබෝධය ලබාගැනීමෙනි. 

සාමාන්‍ය වෙබ් පිටුවකට පිවිසුණු විට එයින් යමක් ඩවුන්ලෝඩ් කිරීමට ඉඩ දෙන්නේ නම් එම ලින්ක් එක මත ක්ලික් කිරීම අපට පුරුදුය.එවිට අපේ පරිගණකයේ (client) ඇති වෙබ් බ්‍රවුසර් මෘදුකාංගය මගින් ඒ බව, එම වෙබ් පිටුව රඳවා ඇති සර්වර් පරිගණකයට දන්වයි. දන් එම සර්වරයෙන් අපේ පරිගණකය වෙත එම ෆයිල් එක එවයි. එනම් ඩවුන්ලෝඩ් වෙයි. මෙසේ ඩවුන්ලෝඩ් වීම කෙරෙන්නේ විශේෂ ප්‍රමිතියකින් යුත් තාක්ෂණයක් හෙවත් ප්‍රොටෝකෝලයකට අනුකූකවය. එය එක්කෝ FTP (File Transfer Protocol) ය. නැතහොත් HTTP (Hyper Text Transfer Protocol) ය 

මේ සාම්ප්‍රදායික ක්‍රමයට (client server download) ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වන විට එහි වේගය අඩු – වැඩි වීමට බලපාන කාරණා කීපයකි. ඉන් මුල සිටම එන්නේ සර්වරයේ කාර්යබහුල බව (server traffic) යි. සර්වරය කාර්යබහුල වන විට ඩවුන්ලෝඩ් වන වේගය අඩු වේ. අනෙක් කාරණය ඩවුන්ලෝඩ් කර දෙන ලෙස ඉල්ලා සිටින ෆයිල් එකෙහි ජනප්‍රිය බවයි. එහි ජනප්‍රිය බව වැඩි වන විට, එය පරිගණක ගණනාවකින් ඉල්ලා සිටින විට, ඩවුන්ලෝඩ් වන වේගය අඩු වේ. පියර් – ටු – පියර් කියා හඳුන්වන ෆයිල් ඩවුන්ලෝඩ් ක්‍රමය (Peer – to – peer File sharing) කරළියට ආවේ මේ සාම්ප්‍රදායික ඩවුන්ලෝඩ් ක්‍රමයේ අකාර්යක්ෂමකම්වලට පිළියම්ද රැගෙනය. පියර් – ටු – පියර් ක්‍රමයට ෆයිල් ඩවුන්ලෝඩ් කරන්නට ෆයිල් ෂෙයාරිං නෙට්වර්ක් එකකට හෝ ෆෝරම් එකකට සම්බන්ධ වී එමගින් ලබා දෙන විශේෂ මෘදුකාංගයක් පරිගණකයට ඉන්ස්ටෝල් කරගත යුතුය. යූ ටොරන්ට් (utorrent), නුටෙල්ලා (Nutella), කාසා (Kazaa), ඊඩොංකි (eDonkey) යනාදී ජනප්‍රිය සේවා වලට අමතර වශයෙන් එම සේවා තවත් ගණනාවකි. 

ඩවුන්ලෝඩ් කරගන්නට ඕනෑ කරන ෆයිල් එක මේ යැයි කියන පණිවුඩය මෙම ෆයිල් ෂෙයාරිං මෘදුකාංගය හරහා ලබා දිය යුතුය. එවිට එම ෆයිල් එක තිබෙන ඉන්ටනෙට් සමග දැනටමත් සම්බන්ධ වී සිටින පියර් – ටු – පියර් මෘදුකාංගය සහිත වෙනත් පරිගණක වේදැයි, මෘදුකාංගය විසින් සොයා බැලෙයි. එවැනි පරිගණකයක් හමුවූ විට, එම පරිගණකයේ හාඩ් ඩිස්කයේ සිට, එම ෆයිල් එක ඉල්ලා සිටි පරිගණකයට ඩවුන්ලෝඩ් වීම ඇරඹේ. මේ ඩවුන්ලොඅඩ් වීම අවසන් වූ පසු ෆයිල් ෂෙයාරිං මෘදුකාංගයෙන් ඉවත් නොවී සිටින තාක් කල් අපගේ පරිගණකයේ හාඩ් ඩිස්ක් එකෙන් මේ ෆයිල් එක ඉල්ලා සිටින වෙනත් අය වෙතද ඩවුන්ලෝඩ් වීම සිදු වේ. තමන් කලින් වෙනත් අයෙකුගේ පරිගණකයෙන් මේ ෆයිල් එක ලබා ගත්තා නොවේද – එනිසා තවත් කෙනෙකුත් තමාගේ පරිගණකයෙන් මේ ෆයිල් එක ලබා ගැනීමට ඉඩ දීම යුතුකමකි කියා සිතන්නන් සිටින තාක් මේ ඩවුන්ලෝඩ් කිරීම පහසුය. එහෙත් ආත්මාර්ථකාමී අය, එසේ නොසිතා තමන් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත් සැනින් මෘදුකාංගයෙන් ඉවත් වේ. ඒ නරක පුරුද්ද හඳුන්වන්නේ (leeching) කියාය. හරියට ලේ උරා බොන කූඩැල්ලෙකු සේ තමන් ගැන පමණක් සිතීම යනු ඒ වචනයේ පදගතාර්ථයයි. ලීචිං කිරීම නිසා පියර් – ටු – පියර් ඩවුන්ලෝඩ් වීම අකර්මන්‍ය වීම ගැන කනස්සල්ලට පත් වූ නිර්මාණශීලී ක්‍රමලේඛ ශිල්පියෙකු ඇමෙරිකාවේ සිටියේය. හේ බ්‍රැම් කොහෙන් ය. ලීචිං කරන්නට තැන නොදෙමින් ෆයිල් ෂෙයාරිං කළ හැකි ක්‍රමයක් සොයාගැනීමට හේ වෙහෙසණි. ඔහු සාර්ථකත්වය ලැබීය. 2001 ජූලි 2 වැනිදා ඔහු අළුත් ෆයිල් ෂෙයාරිං ප්‍රොටෝකෝලයක් ලොවට හඳුන්වා දුනි. එයද විශේෂ පියර් – ටු – පියර් ප්‍රොටෝකෝලයකි. බිට්ටොරන්ට් යනු එයයි. 

බිට්ටොරන්ට් ක්‍රමය ක්‍රියාත්මක කරන්නට විශේෂ මෘදුකාංගයක් පරිගණකයේ ඉන්ස්ටෝල් කරගත යුතුය. ඒවාට කියන්නේ ටොරන්ට් ක්ලයන්ට් (torrent client) කියාය. බ්‍රැම් කොහෙන් මුලින්ම ලොවට හඳුන්වා දුන් ක්ලයන්ට් මෘදුකාංගය හැඳින්වෙන්නේද බිට්ටොරන්ට් ලෙසමය. මෙය ඕපන්සෝස් මෘදුකාංගයකි. එනිසා විවිධ අරමුණු වෙනුවෙන් එයවෙනස් කොට තැනූ ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංග ගණනාවක් අළුතින් බිහිව තිබේ. දැනට ලොව පුරා කෝටි දහසයක් (මිලියන 160 ක්) සෙනග තමන්ගේ පරිගණක වල ඉන්ස්ටෝල් කරගෙන සිටින ජනප්‍රියම මෘදුකාංගය වන්නේ බිට්ටොරන්ට්ය. එය www.bittorrent.comවෙබ් අඩවියෙන් පහසුවෙන් නොමිලයේම ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන. ඉන්ටනෙට් තුලින් ටොරන්ට් ෆයිල් එකක් සියා එයට ක්ලික් කළ විට, පරිගණකයේ ඉන්ස්ටෝල් කර ඇති ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගය විසින් එම ටොරන්ට් ෆයිල් එක ගැන සොයා බැලීම අරඹනු ලබයි. ඒ මෙම ටොරන්ට් ෆයිල් ෂෙයාරිං කටයුතු හසුරුවන සර්වර් පරිගණකය සමග සම්බන්ධ වෙමිනි. ට්‍රැකර් (tracker) කියා හඳුන්වන්නේ මෙම සර්වරයයි.


Responses

0 Respones to "Bit torrent ප්‍රොටෝකෝලය || About Bit torrent ( Part 1 )"

Post a Comment

Recent Comments

free counters

Popular Posts

Return to top of page Copyright © 2011 | Platinum Theme Converted into Blogger Template by Hack Tutors